විදුහල්පති පණිවිඩය
ගැටමාන්න විජය ජාතික පාසල

තංගල්ල කළාපයේ බෙලිඅත්ත කෝට්ඨාශයේ ඓතිහාසික ගැටමාන්න ගම් පියසේ මනස්කාන්ත පරිසරයක පිහිටි විශිෂ්ඨ පාසලකි ගැටමාන්න විජය ජාත්ක පාසල.ශතවර්ශයකට ආසන්න කාලයක් තුල ගමට මිනි පහනක් වෙමින් දැයට විශිෂ්ඨයන් බිහි කල විජය ව්දු මව් අභියෝගයන් මැද ඉදිරි ගමනක නිරතව සිටින අවස්ථාවකි.
විභාග ප්‍රථිඵල අනුව කළාපයේ ඉහලම ස්ථානයක සිටිමින් දැනුම ලබා දීමේ ව්ශිෂ්ඨ මෙහෙවරක යෙදී සිටින පාසලකි.ද්විතීයික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය හා තාක්ෂණ පීඨය ඉදිවී ඇත.2016 වර්ෂයේ සිට ළඟම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේද මෙම පාසලේ සංවර්ධන ඉලක්ක රැසක් ඉටු වෙමින් පවතී.
ලොව දිනන ලොව තනන විශිෂ්ඨ මානවීය පරපුරක් යන දැක්ම ඔස්සේ ගමන් කරන අප ඉලක්ක රැසක් සපුරා ගැනීමට කටයුතු කර ඇත. පාසල් වෙබ් අඩිවියක් නිර්මාණය කර පවත්වා ගෙන යාම පිළිබඳව ඉතා සතුටට පත්වෙමි. පාසල ඉදිරි අරමුණු සාර්ථක කර ගැනීම සඳහා තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා දායක වන තොරතුරු තාක්ෂණික අංශයට මාගේ සුභ පැතුම් පිරිනමමි.