හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල අධ්‍යාපන කලාපයේ බෙලිඅත්ත අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටා ඇත. මෙය 1928 වර්ෂයේ තැන්නපල්ල පන්සල අසල තාවකාලික ගොඩනැගිල්ලක ආරම්භ කරන ලදී. ළමුන් 16 දෙනෙකු තරම් වූ කුඩා ප්‍රමාණයකින් ආරම්භ කරන ලද මෙම පාසලේ මුල් නාමය වූයේ “හ/තැන්නපල්ල රජයේ මිශ්‍ර පාඨශාලාව” යන්නයි.
අල්විස් විජේසිංහ රාලහාමි මහතා විසින් ඇරඹූ මෙම පාසලෙහි මුල්ම ගුරුවරයා වූයේ බැමිණියන්වෙල ගමගේ අරනෝලිස් මහතාය. මෙහි ආරම්භක සිසුන් ලෙස එච්.කේ. කරුණාවතී, ජේ පීටර්, එච් හින්නිඅප්පුහාමි, ලංකාප්පුලි, එන්.ඩී. ආරියසේන හා සෑම් සයිමන් යන අය දැක්විය හැක.
මේ අතරතුර කාලයේ පාසල තුල පැවති ක්‍රමවත් භාවය හේතු කොට ගෙන ඩී.ඒ.ඊ. විජේසිංහ රාලහාමි මහතා විසින් 1951 වර්ෂයේ දැනට පාසල තිබෙන ස්ථානයට පාසල ගෙන ඒම හා නව ගොඩනැගිල්ලක් සාදා ඉඩම පරිත්‍යාග කරන ලදී. 1952 වර්ෂයේ තවත් ගොඩනැගිල්ලක් ඉදිකල අතර “හ/තැන්නපල්ල රජයේ මිශ්‍ර පාඨශාලාව” යන නාමය වෙනුවට “හ/ගැටමාන්න දකුණ කණිෂ්ඨ විද්‍යාලය” නමින් නාමය වෙනස් කරන ලදී.
තවද මෙම වර්ෂයේදී ගුණපාල විජේසිංහ මහතා විසින් මෙම පාසල ද්විභාෂා පාසලක් ලෙස සංවර්ධනය කිරීමට පුරෝගාමි විය. නැවත ලමුන් කෙමෙන් කෙමෙන් වර්ධනය වීමත් සමග 1954 වර්ෂයේදි “රජයේ කණිෂ්ඨ විද්‍යාලය” නමින් නම් කෙරිණි. මෙම විද්‍යාලයේ නව විදුහල්පතිවරයා වශයෙන් 1954 වර්ෂයේ ඩී.ඒ. අබේසිංහ මහතා පත්විය.
පසුව 1958 වර්ෂයේ මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත්වූ අතර උසස් පෙළ පන්ති ආරම්භයද සිදුවිය. වර්ෂ 1962 දී “ගැටමාන්න මහා විද්‍යාලය” , “ගැටමාන්න විජය මහා විද්‍යාලය” ලෙස නම් කිරීමට සිදුවිය. ලයනල් අබේගුණවර්ධන මහතා මෙම විදුහලේ ප්‍රථම විශ්ව විද්‍යාල ශිෂ්‍යයා විය. පසුව බුදු මැදුරක් හා නව ගොඩනැගිලි ඉදිකිරීම සිදුවිය. මේ අතර වාරයේ 1974 වර්ෂයේ පමණ ගුරු දෙගුරු ශාලාව ඉදි කලේය. වර්ෂ 1981 දි මෙම විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීම සිදුවිය.
1981 වර්ෂයේදී මෙම විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්විය. මෙම දශකයන් තුල ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය පාසලක් ලෙස පැවති අතර සිසුන් 1500 ත් 2000ත් අතර ප්‍රමාණයක් මෙම කාල සිමාවේ අධ්‍යාපනය ලබමින් සිට් බව සදහන් වේ. පසුව මෙම විද්‍යාලය 1994 වර්ෂයේ ජාතික පාසලක් බවට පත්විය.
පසුව 2002 වර්ෂයේ දී මෙම ප්‍රදේශයේ දැනුම අඩු ආබාධිත ළමුන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ඒකකයක් ඉදි කලේය. මෙම පාසලේ තොරතුරු තාක්ෂණය දියුණු කිරීම සදහා 2004 වර්ෂයේදී පරිගණක විද්‍යාගාරයක් ඉදිකිරීම සිදු කලේය.
2013 වර්ෂයේදි නව තාක්ෂණික විෂය ධාරාව ආරම්භ කිරීම සිදුකල අතර නව මහින්දෝදය විද්‍යාගාරය , මහින්දෝදය තාක්ෂණික ව්ද්‍යා පීඨය සහ නව පුස්තකාලයද ඉදිකරන ලදී.
|
ආරම්භ කළ වර්ෂය |
1928 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
16 |
|
මුල් ගුරුතුමාගේ නම |
බැමිණියන්වෙල ගමගේ අරනෝලිස් මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
අල්විස් විජේසිංහ රාලහාමි මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
හ/තැන්නපල්ල රජයේ මිශ්‍ර පාඨශාලාව-මුල් නම ගැටමාන්න විජය ජාතික පාසල- වර්තමාන නම |
|
පාසල භාරව කටයුතු කිරීම |
අල්විස් විජේසිංහ රාලහාමි මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1954 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
තැන්නපල්ල පන්සල අසල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
පීටර් |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
එච්.කේ. කරුණාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1928 |